වඳුරු උණ, කොවිඩ් 19, එච්.අයි.වී. තුනම එකවර හැදුණු තරුණයාට මානසික ආතතියත් හැදිලා..
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

වඳුරු උණ, කොවිඩ් 19, එච්.අයි.වී. තුනම එකවර හැදුණු තරුණයාට මානසික ආතතියත් හැදිලා..

වඳුරු උණ, කොවිඩ් 19, එච්.අයි.වී. තුනම එකවර හැදුණු තරුණයාට මානසික ආතතියත් හැදිලා..

 

ඉතාලියේ 36 හැවිරිදි සමලිංගික පුද්ගලයකුට වඳුරු උණ, කොවිඩ් 19 සහ එච්.අයි.වී.  ‍තුනම එකවර ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි.

 

වඳුරු උණ, කොවිඩ් 19 සහ එච්.අයි.වී. යනු වයිරස රෝග වන අතර, රෝග තුනම එකම පුද්ගලයකුගෙන් හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

 

ස්පාඤ්ඤයේ දින පහක සංචාරයක් නිමා කර ආපසු පැමිණි මෙම පුද්ගලයාට දින නවයකට පමණ පසු උණ, උගුරේ අමාරුව, තෙහෙට්ටුව, හිසරදය පැවැති බව වෛද්‍යවරු පවසති.

 

ඒ අනුව පූර්ණ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරද්දී ඔහු වඳුරු උණ, කොවිඩ් 19 සහ එච්.අයි.වී. ආසාදිතයකු බව තහවුරු විය. මෙම පුද්ගලයාට මීට පෙර ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි ද පැවැසෙයි.

views

215 Views

Comments

arrow-up