චීන ප්‍රහාරක යානා රැසක් තායිවාන ගුවනේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

චීන ප්‍රහාරක යානා රැසක් තායිවාන ගුවනේ

චීන ප්‍රහාරක යානා රැසක් තායිවාන ගුවනේ

චීනයට අයත් J 10 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා 19 ක් තායිවාන ගුවන් කලාපයට ඇතුළු වී ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය චෝදනා කර සිටී.

 

චීනය විසින් තායිවානය තම රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශයක් ලෙස සලකන අතර, පසුගිය වසර තුනකට අධික කාලයක් පුරා තායිවාන දේශසීමා ආශ්‍රිතව චීනයේ හමුදා ක්‍රියාකාරකම් ඉස්මතු වෙමින් පැවතීම පිළිබඳ තායිවාන රජය විසින් ජාත්‍යන්තරයේ අවධානයට යොමු කොට තිබේ.

 

කෙසේ වුවත්, මේ සම්බන්ධයෙන් චීනය නිල වශයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

views

171 Views

Comments

arrow-up