ඉන්දියාවේ දුම්රිය අනතුරෙන් මියගිය 80 දෙනෙකුගේ සිරුරු තවම හදුනාගෙන නෑ

සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරෙන් මියගිය 80 දෙනෙකුගේ පමණ සිරුරු මෙතෙක් හඳුනාගැනීමට සමත්වී නැති බව ඉන්දීය මාධය පවසයි.
දුම්රිය තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 288 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර තවත් දහසකට අධික සංඛ්‍යාවක් තුවාල ලැබීය.
දුම්රිය අනතුරට ලක්වන අවස්ථාවේ එම දුම්රියන්හි තුන්දහසකට ආසන්න මගීන් සංඛ්‍යාවක් ගමන් කර ඇති බවද සඳහන් වේ.
මියගිය ඇතැම් පුද්ගලයින්ගේ සිරුර හඳුනාගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව සහන කණ්ඩායම් ප්‍රකාශ කර සිටින අතර මෙය පසුගිය සියවස තුළ ඉන්දියාවේ දී සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙස ද සැලකේ.
217 Views
Comments