ඉක්වදෝරයේ සාහසික වෙඩි තැබීමකින් 10 දෙනෙක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

ඉක්වදෝරයේ සාහසික වෙඩි තැබීමකින් 10 දෙනෙක් මිය යයි

ඉක්වදෝරයේ සාහසික වෙඩි තැබීමකින් 10 දෙනෙක් මිය යයි

ඉක්වදෝරයේ ගුවායාකිල් වරාය නගරයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙන අතර, 5 හැවිරිදි දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයට ඇදිරි නීතියද පනවා තිබේ.

 

වරාය නගරයේ ඉහළ යන ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා ඉක්වදෝර රජය විසින් අප්‍රේල් මස මුල සිට ගුවායාකිල් සහ ඒ අවට ප්‍රදේශවල හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

views

221 Views

Comments

arrow-up