චීනයෙන් ගැහුවොත් ගහන්න ඕස්ට්‍රේලියාව මිසයිල ගෙන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

චීනයෙන් ගැහුවොත් ගහන්න ඕස්ට්‍රේලියාව මිසයිල ගෙන්වයි

චීනයෙන් ගැහුවොත් ගහන්න ඕස්ට්‍රේලියාව මිසයිල ගෙන්වයි

චීනයෙන් එල්ලවී ඇති අභියෝග හමුවේ ඕස්ට්‍රේලියාව දිගු දුර මිසයිල මිලදී ගැනීමට ඩොලර් බිලියන 12 ක මුදලක් වෙන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

ඉදිරියේදී මිසයිල යුද්ධයක් ඇතිවිය හැකි බැවින් ඊට මුහුණ දීම සඳහා මෙම ආයෝජනය සිදු කරන බව ඕස්ට්‍රේලියානු අගමැති ඇල්බනි ඇන්තනීස් මහතා කියා සිටියේය.

 

මෙම මිසයිල ඇමෙරිකාවෙන් සහ එංගලන්තයෙන් මිලදී ගැනීමට සූදානම් වන බව සඳහන් වේ.

 

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඕස්ට්‍රේලියාව ආරක්ෂාව සඳහා මෙවැනි මුදලක් වැය කරන පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.
 

views

261 Views

Comments

arrow-up