SEP
15
රැජිනගේ දේහය පාර්ලිමේන්තුවට

දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මේ වනවිට ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ශාලාව හෙවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙනවා.
බකිංහැම් මාලිගයේ සිට ඊයේ(14) රැජිනගේ දේහය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ගෙන ආ අතර එය දින හතරක් මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.
රැජිනි ගේ දේහයට ගෞරව දැක්වීම සඳහා දේහය විස්මිනිස්ටර් ශාලාවට රැගෙන එන තෙක් ඊට ඉහළ අහසේ ගුවන්යානා පියාසර නොකළ බවද වාර්තා වනවා.
278 Views
Comments