සරුංගල් නුලට ගෙල කැපී 06 දෙනෙකු ජීවිතයට සමුදුන් මහා ඛේදවාචකය

සරුංගල් උත්සවයක් අතරවාරයේ දී තියුණු සරුංගල් නුල්වලට ගෙල කැපීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දියාවේ, බටහිර ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වෙන උත්තරායන් නම් වූ උත්සවයකදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.
මෙම සරුංගල් උත්සවයේදී ඇතිවූ සිදුවීම් වලින් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර විවිධ අනතුරු හේතුවෙන් තවත් පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සඳහන්.
සරුංගල් තරගවලදී ප්‍රතිවාදී සරුංගල් වල ඇති ආධාරක නුල් කපා හැරීම සඳහා තියුණු බ්ලේඩ් තල සහිත ආධාරක නුලක් යොදා ගනු ලබන බවත් එලෙස යොදා තිබු සරුංගල් නුලක පැටලී ගෙල ප්‍රදේශයට ඇතිවූ බරපතල තුවාල හේතුවෙන් මෙලෙස කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.
එලෙස මිය ගිය කුඩා දරුවන් අතර අවුරුදු 02 ක සහ 03 වියේ පසුවන ගැහුණු දරුවන් දෙදෙනෙකු සහ සත් හැවිරිදි පිරිමි දරුවෙකු ද සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.
මෙම සරුංගල් තරගවල මුලික අරමුණ වන්නේ උඩු ගුවනේදී ප්‍රතිවාදී සරුංගල් කපා හැරීම බවත් සිය ගණනක් පුද්ගලයින් සිය නිවෙස් මත වහලවල් මත නැගී එය නැරඹීමට පුරුදුව සිටියි.
තරගකරුවන් සිය සරුංගල් ලණුව ගම් ආදිය යොදා ඊට විවිධ තියුණු ලෝහ සහ ඇතැම් විට විදුරු කුඩු උපයෝගී කරගනිමින් සකස් කරගෙන සිටින බැවින් එම ලණු ක්ෂණිකයකින් සිරුරේ සම පසාරු කිරීමට හැකියාව පවතී.
276 Views
Comments