කොරියානු ජනපති සීයා කළ අපරාධ වලට මුණුබුරා සමාව ඉල්ලයි

1980 වසරේදී දකුණු කොරියාවේ ග්වන්ජු නගරයේ පැවැති විරෝධතාවක් කෘෘර ලෙස මර්දනය කළ එවකට එරට ජනාධිපති චන් ඩූ වාන් කළ අපරාධ සම්බන්ධයෙන් ඔහුගේ මුණුබුරා සමාව ඉල්ලා තිබේ.
27 හැවිරිදි චන් වූ වන් නමැති එම තරුණයා ග්වන්ජු සංහාරයේදී පුද්ගලයින් 200 ක් පමණ ඝාතනය කළ සිදුවීම සම්බන්ධයෙන් එලෙස සමාව ඉල්ලා ඇත.
චන් ඩූ වාන් දකුණු කොරියාවේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයකින් ජනාධිපති ධූරයට පත්ව ඇති අතර පසුව එරටට පැනවූ හමුදා නීතියට එරෙහිව ග්වන්ජු විරෝධතා ආරම්භ වූ බව වාර්තා වේ.
එම විරෝධතාව ඉතා කෘෘර ලෙස මර්දනය කළ චන් ඩූ වාන් 1995 වසරේදී අත්අඩංගුවට ගත් නමුත් එහිදී වරද පිළිනොගත් ඔහුට මරණීය දණ්ඩනය හිමි වී ඇත.
වසර ගණනාවකින් අනතුරුව මෙම අපරාධය වෙනුවෙන් සමාව ඉල්ලූ චන් පවුලේ පළමු පුද්ගලයා වන්නේ චන් වූ වන් බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
220 Views
Comments