පකිස්ථානයේ දේශපාලන අර්බුද
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

පකිස්ථානයේ දේශපාලන අර්බුද

පකිස්ථානයේ දේශපාලන අර්බුද

පවතින තත්ත්වය හමුවේ ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීම ජාතික අවශ්‍යතාවයක් නොවන බවට පකිස්ථානයේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 

 

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණය පැවැත්විය යුතු බවට තීන්දුවක් ලබාදී තිබියදී මෙලෙස මුදල් අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබීම පිළිබඳව එරට විශාල කතාබහක් ඇති වී තිබේ.

 

 

මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පවතින ආරක්ෂක තත්ත්වය සහ ආර්ථික ව්‍යාකූලත්වය මධ්‍යයේ ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීම ජාතික අවශ්‍යතාවයක් නොවන බවයි.

 

 

කෙසේ නමුත් එරට දේශපාලන විචාරකයින් මෙමගින් ව්‍යවස්ථානුකූල අර්බුදයක් පවා නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බව පවසා ඇත.

views

218 Views

Comments

arrow-up