2023 වසරේ මානුෂීය ආධාර සැපයීමට ඇමරිකානු ඩොලර් බිලියන 51.5ක මුදලක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

2023 වසරේ මානුෂීය ආධාර සැපයීමට ඇමරිකානු ඩොලර් බිලියන 51.5ක මුදලක්

2023 වසරේ මානුෂීය ආධාර සැපයීමට ඇමරිකානු ඩොලර් බිලියන 51.5ක මුදලක්

2023 වසරේ දී මානුෂීය ආධාර සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 51.5ක මුදලක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පැවසූයේ 2023 වසරේ දී ඇස්තමේන්තු කළ සංඛ්‍යාවට වඩා ලොව පුරා මිලියන 65ක ජනතාවක් සඳහා මානුෂීය ආධාර ලබාදීමට සිදුවනු ඇති බවයි

 

ඒ අනුව එම සංවිධානය විසින් 2023 වසරේ දී ලොව පුරා රටවල් 68ක මිලියන 339ක ජනතාවක් සඳහා මානුෂීය ආධාර ලබා දිය යුතුව ඇත.

 

මෙම මුදල් ප්‍රමාණය රැස්කර ගැනීම සඳහා ලොවපුරා නියෝජිතයන්ගේ හා පරිත්‍යාගශීලීන්ගේ සහාය එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු වේ.

 

views

243 Views

Comments

arrow-up