අධික තෙල් පෝලිම් නිසා සමාජවාදී කියුබාවේ මැයි දිනය අවලංගු කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

අධික තෙල් පෝලිම් නිසා සමාජවාදී කියුබාවේ මැයි දිනය අවලංගු කෙරේ

අධික තෙල් පෝලිම් නිසා සමාජවාදී කියුබාවේ මැයි දිනය අවලංගු කෙරේ

කියුබාව තුළ ඇතිවී තිබෙන දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් අද දිනයේ දී ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

 

සමාජවාදී පාලනයක් සහිත රටක් වන කියුබාව ගත් මෙම තීරණය එරට ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වන අතර අද දිනයේ එරට හවානා අගනුවර පිහිටි විප්ලවීය චතුරස‍්‍රය මුළුමනින්ම පාළුවට ගොස් තිබෙන බව වාර්තා වේ.

 

මේ දින වල කියුබාවේ මෝටර් රථ හිමිකරුවන් දිවා රාත්‍රී පුරා ඉන්ධන පිරවුම්වල් ඉදිරිපිට පෝලිම් වල රැඳී සිටිමින් ඉන්ධන ලබා ගැනීමේ උත්සාහයක නිරතව සිටින අතර, කියුබානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මේ වන විට රටට ලැබෙමින් ඇත්තේ එරට ඉන්ධන අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක් පමණක් වන බවයි.

 

එරට උද්ධමනයද 44% ලෙස සටහන් වන අතර, කියුබාව ලෝක උද්ධමන ලැයිස්තුවේ 11 වැනි තැන රැඳී සිටී.

views

226 Views

Comments

arrow-up