JUN
08
පන්සල්වලින් සොරකම් කළ සුදු ජාතිකයා අත්අඩංගුවට

ඔස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල මුදල් සොරකම් කළ සැකකරුවෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුට පොලීසිය විසින් ඇප නියම කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 44 හැවිරිදි වියේ පසුවන ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි.
සැකකරු විසින් ඇඩිලේඩ් විහාරස්ථානයකින් සොරකම් කර ඇති මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 3000ක් වන අතර චෝදනා 18කට අදාළව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
229 Views
Comments