ඉන්දියාවේ ගංවතුර

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පසුගිය 12 වනදා කිලෝමීටර් 118 ක් දිග බෙන්ගලූර්-මයිසූර් මාර්ගය විවෘත කළ අතර, එම මාර්ගය අධික වර්ෂාව හමුවේ ජලයෙන් යටවී තිබෙන බව වාර්තා වේ.
ඉන්දීය රුපියල් කෝටි 8480 ක වියදමින් ඉදි කරන ලද අධිවේගී මාර්ගය රාමනගර දිස්ත්‍රික්කය ආසන්නයේ මෙලෙස ජලයෙන් යටවී ඇත.
අධිවේගී මාර්ගයේ පිහිටි පාලමක් අසල ජලය එක්රැස් වීම හේතුවෙන් අනතුරු මාලාවක්ද වාර්තා වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වාහන සෙමෙන් ගමන් කිරීම නිසා මෙම මාර්ගයේ දිගුවේලාවක සිට වාහන තදබදයක් පවතින බවද සඳහන් වේ.
පසුගිය වසරේ කර්ණාටක ප්‍රාන්තයට පැවති දැඩි වර්ෂාපතනය හමුවේ ද ජලයෙන් යට වූයේ මෙම පාලම බව සඳහන් වේ.
228 Views
Comments