ඉන්දීය හමුදාවට නව ප්‍රහාරක යුද ටැංකි පෙළක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

ඉන්දීය හමුදාවට නව ප්‍රහාරක යුද ටැංකි පෙළක්

ඉන්දීය හමුදාවට නව ප්‍රහාරක යුද ටැංකි පෙළක්

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය විසින් එරට යුද හමුදාව සඳහා නව ප්‍රහාරක යුද ටැංකි 118ක් ලබාගැනීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 7500ක ඇණවුමක් ලබා දී තිබෙනවා.
 

 

එම යුද ටැංකි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඒවා වන අතර, චෙන්නායි - අවාඩි ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක දී නිපදවනු ඇති.
 

 

අර්ජුන එම්.කේ. 01 වර්ගයේ මෙම යුද ටැංකි ඉන්දීය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය විසින් නිර්මාණය කරනු ලැබූ ඒවායි.
 

 

නව යුද ටැංකි ඉහළ ප්‍රහාරක බලයකින් මෙන්ම නවාංග රැසකින් සමන්විත වන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

views

760 Views

Comments

arrow-up