ලොස් ඇන්ජලීස් වෙඩි ප්‍රහාරයේ සැකකරුගේ මළසිරුර සොයාගනී

පුද්ගලයින් දස දෙනෙකුට මරු කැඳවමින් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරු මියගොස් තිබේ.
අමෙරිකානු පොලීසිය පවසන්නේ, සැකකරුගේ මළසිරුර කැලිෆෝනියාවේ ටොරන්ස් ප්‍රදේශයේ අත්හැර දැමූ සුදු පැහැති වෑන් රියක තිබියදී සොයාගත් බවය.
එම සිරුර ප්‍රහාරය සිදුකළ වෙඩික්කරුගේ බව කැලිෆෝනියා ප්‍රාන්ත පොලීසිය තහවුරු කර ඇත.
වෙඩිතැබීම සිදුව තිබුණේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මොන්ටරේ උද්‍යානය අසල පිහිටි බෝල්රූම් නර්තන කලාගාරයක් තුළය.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 10දෙනෙකු මියගිය අතර තවත් පුද්ගලයින් 10දෙනෙකු එහිදී තුවාල ලබා තිබේ.
ප්‍රහාරයට ලක්වූ පිරිස චීන නව චන්ද්‍ර වසර සැමරුමක් සඳහා එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබුණි.
සැකකරුගේ නිසල දේහය සුදු පැහැති වෑන් රථයක තිබී සොයාගත්තේ පැය 12ක පමණ කාලයක් පොලීසිය සිදුකළ මෙහෙයුමකින් අනතුරුවය.
සැකකරු වයස අවුරුදු 72ක පමණ ආසියාතික සම්භවයක් සහිත පුද්ගලයෙකු බවට වාර්තා වේ.
ප්‍රහාරයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය කර නැත.
197 Views
Comments