මගීන් 27ක් ගිය ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

මගීන් 27ක් ගිය ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට

මගීන් 27ක් ගිය ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට

මගීන් විසිහතක් ගමන් කළ ත්‍රීරෝද රථයක් අත්අඩංගුවට ගැනීමට ඉන්දියාවේ උත්තර ප්‍රදේශ පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

 

අදාල ත්‍රීරෝද රථය අධික වේගයෙන් ධාවනය කිරීමේදී නතරකර පරික්ෂා කර ඇති අතර එහිදී කුඩා ළමුන් හා වැඩිහිටියන් රැසක් මෙම ත්‍රිරෝද රථය තුළ සිට තිබෙනවා.

 

පසුව එම ත්‍රීරෝද රථයෙන් පිටතට පැමිණෙන එක් එක් පුද්ගලයන් එහි රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු විසින් ගණන් කරන විට මගීන් විසිහතක් සිට තිබෙනවා.

 

කෙසේ නමුත් පසුව පොලිසිය මෙම ත්‍රිරෝද රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇතැමුන් පවසන්නේ මෙය ලෝක වාර්තාවක් ලෙසට පෙනී යන බවයි.

views

354 Views

Comments

arrow-up