JAN
22
ලොස් ඇන්ජලිස්හි වෙඩිතැබීමක්, 09 දෙනෙකු ජීවිතක්ෂයට

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස්හී මොන්ටෙරේ පාර්ක් ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව ඇත.
මෙම වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 09 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීන චන්ද්‍ර අලුත් අවුරුදු සැමරුම පැවැත්වෙන ස්ථානයට ආසන්නයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි වාර්තා වේ.
එම උත්සවයට දහස් ගණනක ජනතාවක් පැමිණ ඇති අතර පුද්ගලයන් තිදෙනෙකු ස්වයංක්‍රීය ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
202 Views
Comments