එක්සත් අරාබියේ වීසා නීති අලුත් වේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

එක්සත් අරාබියේ වීසා නීති අලුත් වේ

එක්සත් අරාබියේ වීසා නීති අලුත් වේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව වීසා නීති අද(03) සිට ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය සඳහන් කර සිටිනවා.

මේ අනුව සංචාරකයින් සඳහා දීර්ඝ සංචාරක වීසා ලබා දීමත්, වසර 10 ක දිගු කාලීන පදිංචිය සහ රන් වීසා අපේක්ෂා කරන වෘත්තිකයන් සඳහා ඒ සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයටත් රටින් පිටත රැඳී සිටින රන් වීසා බලපත්‍ර ලාභීන්ගේ බලපත්‍ර අවලංගු නොවන ලෙසත් වීසා නීති ලිහිල් කර තිබෙනවා.

මේ අතර පදිංචි වීසා අවලංගු කරන පුද්ගලයන්ට රට තුළ රැඳී සිටීමට මාස හයක සහන කාලයක් ද මෙමගින් ලබා දී තිබෙනවා. 

views

236 Views

Comments

arrow-up