SEP
28
නිවාස අඩස්සියේ සිටින බවට කටකතා පළ වූ චීන ජනපති මහජනයා අතරට

මධ්‍යම ආසියානු රටවල සිදු කළ සංචාරයෙන් අනතුරුව චීන ජනාධිපති ෂී ජින්පින් ටික කලක් මහජනයා අතරට පැමිණීමෙන් වැළකී සිටියා.
මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා පැතිර ගියේ චීනයේ සිදුවූ කුමන්ත්‍රණයකින් පසුව චීන ජනාධිපතිවරයා නිවාස අඩස්සියේ තබා ඇති බවයි.
කෙසේ නමුත් චීන ජනාධිපති ෂී ජින්පින් ඊයේ (27) මහජනයා අතරට පැමිණ තිබුණා.
ඒ බීජිං නුවර පැවති ප්‍රදර්ශනයකට සහභාගිවීමටයි.
එම ප්‍රදර්ශනයේ මාතෘකාව වී තිබුණේ ඔහුගේ පාලනය යටතේ පසුගිය අවුරුදු 10ක කාලයක දී චීනය ලබා ගත් ජයග්‍රහණයි.
219 Views
Comments