ඉම්රාන් ඛාන් ඝාතනය කිරීමට පැමිණි තුවක්කුකරුගෙන් පාපෝච්චාරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

ඉම්රාන් ඛාන් ඝාතනය කිරීමට පැමිණි තුවක්කුකරුගෙන් පාපෝච්චාරණයක්

ඉම්රාන් ඛාන් ඝාතනය කිරීමට පැමිණි තුවක්කුකරුගෙන් පාපෝච්චාරණයක්

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් නුවර දක්වා සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් අතරතුර දී වෙඩි ප්‍රහාරයකට ලක් වූයේ පෙරේදා (03) දිනයේ දී ය.

 

එම වෙඩි ප්‍රහාරයෙන් ඉම්රාන් ඛාන්ගේ පාදයකට තුවාල සිදුවී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

 

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එම මොහොතේ දී ම පොලිස් භාරයට ගැනීමට හැකිව තිබුණි.

 

පසුව වෙඩික්කරු පාපොච්චාරණය කර තිබුණේ තමාගේ අරමුණ වූයේ ඉම්රාන් ඛාන් ඝාතනය කිරීම බවයි.

 

ඉම්රාන් ඛාන් මිනිස්සුන්ව නොමග යවන බැවින් ඔහු ඝාතනය කිරීමට තමන්ට අවශ්‍ය බවට වෙඩික්කරු පාපෝච්චාරණය කර තිබේ.

 

views

245 Views

Comments

arrow-up