තම මවගේ මළ සිරුර නිවසේ බිම් මහලේ සඟවා වසරකට වැඩි කාලයක් මවගේ විශ්‍රාම වැටුප ගත් පුතෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

තම මවගේ මළ සිරුර නිවසේ බිම් මහලේ සඟවා වසරකට වැඩි කාලයක් මවගේ විශ්‍රාම වැටුප ගත් පුතෙක්

තම මවගේ මළ සිරුර නිවසේ බිම් මහලේ සඟවා වසරකට වැඩි කාලයක් මවගේ විශ්‍රාම වැටුප ගත් පුතෙක්

සිය මවට ලැබෙන මාසික විශ්‍රාම වැටුප ලබා ගැනීමේ අරමුණින් මවගේ මෘත දේහය වසරකට අධික කාලයක් තිස්සේ නරක් නොවීමට ඉඩ නොදී නිවසේ බිම් මහලේ සඟවාගෙන සිටීමේ පුවතක් වාර්තා වේ.

 

තම මව “මෙන්ෂියා” නම් රෝගයෙන් පෙළෙමින් සිටියදී මිය යන විට 89 වෙනි වියෙහි වූ අතර ඇය ස්භාවික ලෙස මිය ගොස් තිබෙන්නේ ඉකුත් වසරේ ජූනි මාසයේදීය.

 

එම කාන්තාවගේ 66 හැවිරිදි පුතු විසින් තම මවගේ දේහය දුඟද හැමීම වැලැක්වීම සඳහා බැන්ඩේජ් පටි වලින් ඔතා දේහය මත අයිස් පැකට් තබා තිබූ බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

 

මව මියගිය බව වසන්කොට එම පුතා පසුගිය කාළ සීමාව තුල මවගේ විශ්‍රාම වැටුප වශයෙන් යුරෝ 50,000ක පමණ මුදලක් නීති විරෝධී ලෙස ලබාගෙන ඇති බවට හෙලිව තිබේ.

 

මෙම වංචාව හෙලිවී තිබෙන්නේ ඔස්ට්‍රියානු බටහිර ටයිරෝල් ප්‍රදේශයේ පදිංචි ඉහත කී පුද්ගලයාගේ නිවසට මවගේ විශ්‍රාම වැටුප් චෙක්පත ලබාදීමට පැමිණි ලියුම් බෙදන්නා විශ්‍රාම වැටුප හිමි කාන්තාව බැලීමට අවශ්‍ය බව පැවසූ අවස්ථාවේ පුතා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.

 

ලියුම් බෙදන්නා විසින් මේ සම්බන්ධව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් විසින් නිවස සෝදිසි කල අවස්ථාවේ මියගිය කාන්තාවගේ දේහය සොයාගෙන තිබේ. 

views

5307 Views

Comments

arrow-up