කනක හේරත්ගෙන් ඩිජිටල් ඉලක්ක රැසක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

කනක හේරත්ගෙන් ඩිජිටල් ඉලක්ක රැසක්

කනක හේරත්ගෙන් ඩිජිටල් ඉලක්ක රැසක්

ශ්‍රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් DIGIECON 2030 වැඩසටහන එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.



මෙම වැඩසටහන රටේ තාක්ෂණික හුවමාරුව, ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් භාවිතයට ගැනීම ඇතුළු අංශ කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.



විශ්වවිද්‍යාලයෙන් පිටවන කලා උපාධිධාරීන් සඳහා ඔවුන්ගේ කැමත්ත මත සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හඳුන්වාදීම මෙන්ම මෙරට සෑම පුරවැසියකුටම නව ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට ද ඉදිරියේදී කටයුතු කරන බව කනක හේරත් මහතා සඳහන් කළේය.



වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,



“ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණයකට ගෙන යෑම සඳහා මෙම ඔක්තෝබර් මස මැද සිට නොවැම්බර් මාසයේ මැද දක්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් DIGIECON SRI LANKA 2023 වැඩසටහන දියත් කෙරෙනවා.



ලෝක බැංකුවේ තාක්ෂණික සහයෝගය ඇතිව මෙය ක්‍රියාත්මක වෙනවා. මෙම වැඩසටහන ප්‍රදර්ශන, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ඇතුළු අංග ගණනාවකින් සමන්විතයි.



එමගින් ඩිජිටල්කරණය අපනයන කේෂ්ත්‍රයට ද හඳුන්වාදීමට අප බලාපොරොත්තු වෙනවා.



මීට අමතරව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ මේ වසර තුළ පාසල් 1,000 ක් සඳහා ෆයිබර් තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා.



දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එම පාසල් දහස හඳුනාගෙන තිබෙනවා.”

 

views

272 Views

Comments

arrow-up