ත්‍රෙඩ්ස් තැබූ වාර්තාව

ත්‍රෙඩ්ස් සමාජ මාධ්‍ය යෙදවුම හඳුන්වා දී අඩුම කාලයකින් මිලියන 100ක පරිශීලකයින් ප්‍රමාණය හිමිකරගැනීමේ වාර්තාව හිමි කර ගැනීමට සමත්ව තිබේ.
මීට පෙර එය සතුව තිබුණේ ChatGPT වෙතටය. කෙසේ වෙතත් ChatGPT පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට මාස දෙකක කාලයක් ගතවිය.
සමාජ මාධ්‍ය ජාලයක් වන ටික්ටොක් සඳහා පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට මාස 9ක කාලයක් ගතවිය.
එසේම ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට වසර දෙකහමාරක කාලයක් ගතවිය.
එම සියලු වාර්තා අභිබවා යමින් ත්‍රෙඩ්ස් පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට ගතකර ඇත්තේ දින 5ක් වැනි කෙටි කාලයකි.
වාර්තා වලට අනුව සෑම පැය 4කට වරක්ම පරිශීලකයින් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ත්‍රෙඩ්ස් සමග එක්ව තිබේ.
503 Views
Comments