අටු කොටු පිරෙන අස්වැන්නක් ගන්න අලුත් වී වර්ග හතරක්

Ld 376, BG 377, At 378, BG 381 යන වී වර්ග හතරක් හෙක්ටයාර් එකකට වැඩිම වී අස්වැන්නක් ලබා දෙන වී වර්ග වශයෙන් හදුන්වා දී තිබේ.
Ld 376 වී ප්‍රභේදයෙන් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 4-6 දක්වා අස්වැන්නක් වියලි හා තෙත් කලාපයේ කුඹුරු වලින් ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
BG 377 වී ප්‍රභේදය ද වියලි කලාපයේ කුඹුරු වල පහසුවෙන් වගා කළ හැකි අතර හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 6.5 ක අස්වැන්නක් ලබා ගත හැකිය.
At 378 වී ප්‍රභේදය වියලි හා තෙත් කලාපවල වගා කළ හැකි වී ප්‍රභේදයකි. තෙත් කලාපයේ කුඹුරු වලින් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 5.3 ක් හා වියලි කලාපයේ කුඹුරු වලින් හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 7.3 ක අස්වැන්නක් මෙම වී ප්‍රභේදය වගා කිරීම මගින් ලබා ගැනීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
BG 381 වී ප්‍රභේදය ද ඉහල අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේදයකි. මෙයින් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 6.5 ක අස්වැන්නක් ලබා ගත හැකි බව අමාත්‍යාංශය කියයි.
837 Views
Comments