ඕන දේකට ඔරොත්තු දෙන නිවස

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසෝරි ප්‍රාන්තයේ පිහිටා ඇති මෙම නිවස ලොව විශාලත්වයෙන් වැඩි ම නිවාසවලින් එකක් ලෙස සැලකේ. මෙම නිවස ඉදි කර ඇත්තේ වෙනස් ම වූ අරමුණක් සඳහා යි.
වෘත්තියෙන් තාරකා භෞතික විද්‍යාඥයකු මෙන් ම ඇමෙරිකා රහස් ඔත්තු සේවයේ, එනම් CIA ආයතනයේ හිටපු නිලධාරියෙකු වූ ස්ටීවන් හල්ෆ් නම් මෙම පුද්ගලයා මෙම නිවස ඉදි කරන්නේ බොහෝ දෙනෙක් විශ්වාස නොකරන කරුණක් නිසා ය.
මොහුගේ අරමුණ වී ඇත්තේ අවශ්‍ය නම් වෙඩි උණ්ඩ, බෝම්බ, භූමිකම්පා, ගිනි, සුළිකුණාටු වැනි ඕනෑ ම දෙකට ඔරොත්තු දෙන ආකාරයෙන් නිවසක් ඉදි කළ හැකි බව තහවුරු කිරීම යි.
ඒ අනුව ඔහු වර්ග අඩි 72,215 ක පමණ වපසරියකින් යුතු මෙම නිවස ඉදි කරන අතර එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වන්නේ 2008 වසරේදී යි. කෙසේ වෙතත් එක්තරා නිවාස ඉදිකිරීම් සමාගමක් ඉදිකළ මෙම නිවස හල්ෆ් බලාපොරොත්තු වූ තරම් ශක්තිමත් ආකාරයෙන් ඉදි වී නැත.
එහි ප්‍රතිපලයක් ලෙස මෙම නිවසේ අනාගතය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වී ඇති අතර නවතම වාර්තාවලට අනුව නම් හල්ෆ් මෙම නිවාස සම්පුර්ණයෙන්ම කඩා දමා නැවතත් මුල සිට නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව පැවසේ.
388 Views
Comments