ටයිටන් ගොඩගන්න මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

ටයිටන් ගොඩගන්න මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

ටයිටන් ගොඩගන්න මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් මුලින් ම නිරීක්ෂණය කිරීමට සමත් වූ Odysseus 6K නමැති දුරස්ථ පාලක රොබෝ යාත්‍රාව මේ වන විට එහි සුන්බුන් මතුපිටට රැගෙන ඒමේ මෙහෙයුමට දායකත්වය ලබා දෙමින් සිටී. මේ බව සඳහන් කළේ Odysseus 6K අයත් Pelagic Research Services සමාගමයි.



මේ වන විට එය සෝදිසි මෙහෙයුමට පැමිණි දා සිට සිව් වරක් ටයිටැනික් නටඹුන් ප්‍රදේශය තුළ සැරිසරා තිබේ. Odysseus 6K සතු අධිබර එසැවීමේ හැකියාව මේ දක්වා ප්‍රයෝජනවත් වු බවත් ටයිටන් ගොඩගැනීමේ මෙහෙයුමේ දීත් එය ප්‍රයෝජනවත් වන බවත් සමාගම සඳහන් කර තිබුණි.



Odysseus 6K ට මුහුදු මට්ටමේ සිට අඩි 19,000 ක ගැඹුරක් දක්වා ගමක් කිරීමේ හැකියාව පවතී. ටයිටන්ගේ සුන්බුන් ප්‍රථම වතාවට නිරීක්ෂණය කරන විට එය ගමන් ගනිමින් පැවතියේ වනාඩියට මීටර 35 ක උපරිම වේගයකිනි.

views

441 Views

Comments

arrow-up