සුදු මැස්සාට ජෛව ලෝකයෙන්ම පිළියමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

සුදු මැස්සාට ජෛව ලෝකයෙන්ම පිළියමක්

සුදු මැස්සාට ජෛව ලෝකයෙන්ම පිළියමක්

දිවයින පුරා පොල් වගාවට තර්ජනයක් එල්ල වී ඇති සුදු මැස්සා ගේ හානිය වැළැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජෛව විද්‍යාත්මක විසඳුමක් ලෙස Encarsia guadeloupae නැමැති පරපෝෂිතයා හඳුන්වා දී තිබේ.



2019 සිට මෙරට පොල් වගාවටත් ඉන් අනතුරුව පලතුරු හා එළවළු වගාවටත් සුදු මැස්සාගේ හානිය බරපතල ලෙස සිදුවූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දේ.



ඒ අනුව සුදුමැස්සගේ හානිය පාලනය සඳහා සොබාවිකව වර්ධනය වන පරපෝෂිතයෙක් වන Encarsia guadeloupae නැමැති පරපෝෂිතයා පොල් සංවර්ධන මණ්ඩලයට හා පොල් පර්යේෂණායතනයට හඳුන්වා දීම 27 වන දා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.



සුදු මැස්සා පාලනය සඳහා හඳුන්වා දී තිබෙන නව පරපෝෂිතයා හඳුනාගනු ලැබ තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥ අතිරේක අධ්‍යක්ෂ ප්‍රභාත් නිශාන්ත මහතා වේ.මෙම පරපෝෂිතයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනාගාර තුළ ගුණනය කිරීම මගින් නොමිලයේ ම ගොවින්ට ලබා දීමට කටයුතු සුදානම් කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

views

467 Views

Comments

arrow-up