ස්මාර්ට්ෆෝන් එක ආරක්ෂා කරගන්න ඇප් එකක්

ස්මාට්ෆෝන් යුගයේ විතරක් නෙවෙයි, මනුෂ්‍ය ශිෂ්ටාචාරේ මුල ඉඳලම තියෙන ගැටළුවක් තමයි හොර හතුරෝ කියන්නේ. ඉතින් ස්මාට්ෆෝන් වුණත් හොරු ගන්න, නැතිවෙන්න එහෙම පුලුවන්. හැබැයි ඉස්සර ෆෝන් වල වගේ නෙවෙයි. දැන් ස්මාට්ෆෝන් වලට තියෙන ආරක්ෂක උපක්‍රම සක්‍රිය කරලනම් තියෙන්නේ, අනවසරයෙන් කෙනෙක්ට ඇතුළු වෙන්න බෑ.
Lockwatch – Thief Catcher ඇප් එකෙන් අපේ ෆෝන් එක හොරකම් කරලා ස්ක්‍රීන් අන්ලොක් කරන්න යන කෙනෙක්ව වුණත්, නැතිනම් අපි එහෙ මෙහෙ වෙනකල් ඉඳලා අපේ ෆෝන් එකට රිංගලා ඒකේ තියෙන දේවල් මොනවද කියලා බලන්න හදන කෙනෙක්ව වුණත් අල්ලගන්න පුළුවන්.
මේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා, අදාළ සෙටින්ග්ස් හදලා තිබ්බහම, කවුරුහරි ෆෝන් එකේ ලොක්ස්ක්‍රීන් එකට වැරදි කෝඩ් එකක් දීලා ඇතුළු වෙන්න හැදුවොත්, කෙලින්ම සෙල්ෆි කැම් එක ඔන් වෙලා ඒ කෙනාගේ ෆොටෝ එකක් ගන්නවා.
ඊට පස්සේ ඒ ෆොටෝ එකයි, මේක සිද්ධ වෙච්ච තැන GPS කෝඩ් එකයි පටස් ගාලා අපි දීලා තියෙන ඊමේල් එකට එනවා.
411 Views
Comments