කල් දැමූ අභ්‍යවකාශ රොකට්ටුව

යුරෝපීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් අධිබර ධාරක රොකට්ටුවක් වන Ariane 5 සිය අවසන් මෙහෙයුම සඳහා ප්‍රංශ ගයානාවේ සිට දියත් වන්නට නියමිත ව තිබුණි.
මෙමඟින් Heinrich-Hertz-satellit සහ Syracuse 4B යන චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමට සූදානම් කර තිබුණි. නමුත් කාර්මික දෝෂ කිහිපයක් නිසා එය කල් දමන්නට තීරණය කළේය.
නව දියත් කිරීමේ දිනයක් තීරණය කිරීම සඳහා අධ්‍යයනයන් සිදුකරන බව Ariane 5 රොකට්ටුව මෙහෙයවන Arianespace සමාගම ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබේ.
VA261 යනු මේ මෙහෙයුම සඳහා Arianespace ලබා දී ඇති කේත නාමයයි.
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පදනම් කරගත් මෙහෙයුම් විශාල සංඛ්‍යාවක් උඩුගුවන වෙත යැවීමට Ariane 5 දායක වී ඇත. 1996 දී සිය මංගල පියාසැරිය සිදු කළ එය මේ වන විට දායක වී ඇති මෙහෙයුම් සංඛ්‍යාව 100 ඉක්මවයි.
383 Views
Comments