ත්‍රෙඩ්ස්, ට්විටර් අභිබවා යයිද? පළමු දිනයේම පරිශීලකයින් මිලියන 30 ක්

මෙටා සමාගම අලුතින් දියත් කළ 'ත්‍රෙඩ්ස්' ඇප් එකට එහි පළමු දිනයේ දී ම පරිශීලකයින් මිලියන 30 ක් ලියාපදිංචි වී ඇත.
මෙම ඇප් එක ඉදිරිපත් කළේ, පසුගිය ඔක්තෝම්බරයේ දී ඊලොන් මස්ක් විසින් මිල දී ගන්නා ලද ට්විටර් සමග තරඟ කරන "මිත්‍රශීලී" ප්‍රතිවාදියෙකු ලෙසයි.
ට්විටර්හි මෑතකාලීන වෙනස්කම් පිළිබඳ අසතුටින් පසුවන පරිශීලකයින් ත්‍රෙඩ්ස් වෙත ආකර්ෂණය විය හැකි බව විශේෂඥයින් පවසයි.
ටිව්ටර් ඇප් එකට සමාන බොහෝ විශේෂාංග ඇති ත්‍රෙඩ්ස් ඇප් එක පරිශීලකයින්ට අක්ෂර 500 ක් දක්වා අඩංගු පොස්ට් පළ කිරීමට ඉඩ සලසයි.
කෙසේ වෙතත්, මෙම ඇප් එක දියත් කළ සැණින් භාවිත කළ පරිශීලකයින් වාර්තා කර තිබුණේ ඡායාරූප උඩුගත කිරීමේදී ගැටලු ඇති වූ බව ය. එය මෙම ඇප් එකේ මුල් අවස්ථාවේදී ඇති වූ ගැටලු විය හැකි ය.
549 Views
Comments