අඳුරු පදාර්ථ සොයා අභ්‍යවකාශයට ගිය යුක්ලිඩ්

තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබූ විශ්වයේ ඇති අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථ ගවේෂණය කිරීමේ අරමුණින්, යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිපදවූ දුරේක්ෂය අභ්‍යවකාශයට යැවීම සාර්ථකව සිදුවිය.
දුරේක්ෂය හැඳින්වෙන්නේ ‘යුක්ලිඩ්’ Euclid යනුවෙනි. ඒ, පුරාණ ග්‍රීක ගණිතඥයා සිහි ගන්වමිනි. දුරේක්ෂය අභ්‍යවකාශ ගත කෙරුණේ ඇමෙරිකා නාසා ආයතනයේ සහාය ඇතිවය.
යුරෝපා විද්‍යාඥයන් නිර්මාණය කළ මෙම දුරේක්ෂය උඩු ගුවනට රැගෙන ගියේ නාසා ආයතනය හා සම්බන්ධ ‘ෆෝල්කන් 9’ රොකට්ටුවය. ඒ, කැනරවල් තුඩුවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටය. දුරේක්ෂය නිපදවීමට ඇමෙරිකන් බිලියන 1.4 ක් වැය වූ බව පැවැසෙයි. දුරේක්ෂය නිපදවීමට ගත වුණු කාලය අවුරුදු 6 කි.
තාරකා විද්‍යාඥයන්ට අනුව, අප මෙතෙක් වටහා ගත් විශ්වයේ සියයට 95 ක් ඇත්තේ අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථ ය.
413 Views
Comments