ට්විටර් සමඟ තරග කරන ත්‍රෙඩ්ස් (Threads)

ෆේස්බුක් මව් සමාගම වන මෙටා විසින් ට්විටර් සමඟ තරග කිරීමට ත්‍රෙඩ්ස් (Threads) නමැති යෙදුමක් එළිදක්වා තිබේ.
එලොන් මස්ක් ට්විටර් අත්පත් කරගැනීමෙන් පසුව ඇතිවූ ව්‍යාකූල තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා මෙය දියත්කර ඇති අතර මෙම යෙදුම හරහා ඉන්ස්ටර්ග්‍රෑම් වෙත සම්බන්ධ වීමට ද හැකි බව සඳහන් වේ.
මෙය ඉන්ස්ටර්ග්‍රෑම් වේදිකාවේම දිගුවක් ලෙසද හැඳින්විය හැකි අතර මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පැවසුවේ පළමු පැය හතර තුළ ග්‍රාහකයින් මිලියන 5ක් ඒ හා සම්බන්ධ වී ඇති බවය.
මෙටා හිමිකාරිත්වය දරන මාර්ක් සකර්බර්ග් සහ ට්විටර් හිමි ඊලෝන් මස්ක් අතර ප්‍රසිද්ධ මත ගැටුමක් පවතින අතරතුර මෙම හඳුන්වාදීම සිදුකර තිබීම විශේෂත්වයකි.
448 Views
Comments