Netflix හඳුන්වාදෙන අලුත්ම Green Screen එක
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

Netflix හඳුන්වාදෙන අලුත්ම Green Screen එක

Netflix හඳුන්වාදෙන අලුත්ම Green Screen එක

Green Screen රූගත කිරීම් වලදී බහුල වශයෙන් යොදා ගැනෙනා තාක්ෂණයක්. එහි දී සිදු වන්නේ රංගන ශිල්පීන් දීප්තිමත් කොළ පැහැති පසුබිමක් ඉදිරියේ රංගනයේ යෙදීමයි.



දර්ශනයට ඇතුළත් විය යුතු පසුබිම ඇතුළත් කෙරෙන්නේ නිර්මාණයේ පසු නිෂ්පාදන අදියරේ දීයි. එහි දී පරිගණක අනුසාරයෙන් දීප්තිමත් කොළ පැහැය පෙර සකස් කරගත් දර්ශනයකින් ප්‍රතිස්ථාපනය කරයි.



නමුත් එහි යම් අඩුපාඩු ද නැතිවා නොවෙයි. සජීව විකාශයන් අතරතුර දී නිවේදකයා හෝ රංගන ශිල්පියා කොළ පැහැය සහිත ඇඳුම් ඇඟලාගෙන සිටියහොත් ඒ ප්‍රදේශය ද කෙරෙන පසුතලයෙන් වැසී යා හැකියි. හිස කෙස් මෙන් ම විනිවිද පෙනෙන භාණ්ඩ ද ඇතැම් විට නොපෙනී යා හැකියි.



Netflix සමාගමේ පර්යේෂණ කණ්ඩායමක් මෙයට විසඳුම් ගෙන එන නව උපක්‍රමයක් සොයාගන්නට සමත් වී තිබෙනවා. ඔවුන් එය හඳුන්වන්නේ මැජෙන්ටා ග්‍රීන් ස්ක්‍රීන් (Magenta Green Screen – MGS) ලෙසයි. මෙහි දී දර්ශන රූගත කෙරෙන්නේ කොළ පැහැති දීප්තිමත් LED තිරයක් පසුබිම් කරගෙනයි. නමුත් පසුබිම හැරෙන්නට දර්ශනයට අයත් සියලු විෂයයන් මැජෙන්ටා වර්ණයකින් නහවමින්, ඉදිරිපසින් රතු සහ නිල් ආලෝකයක් ද එල්ල කරනු ලබනවා.



මෙහි දී වීඩියෝ සංස්කාරකවරුන්ට කොළ පැහැ චැනලය වෙනස් කර තත්කාලීන ව පසුතලය එක්කර ගැනීමේ හැකියාව ද හිමි වනවා. එමෙන් ම රංගන ශිල්පීන්ගේ හිසකෙස් මෙන් ම විනිවිද පෙනෙන බෝතල් වැනි දෑ ද කිසිඳු අපහසුවකින් යුතු ව සංස්කරණයට අනුගත කරගත හැකි බවයි Netflix පර්යේෂකයන් සඳහන් කරන්නේ.



කෙසේ නමුත් මේ තාක්ෂණය මැදිරි තුළ දී කෙරෙන රූගත කිරීම් සඳහා රුකුලක් වුවත් එළිමහන් රූගත කිරීම් සඳහා ප්‍රායෝගික නොවන්නට ද ඉඩ තිබෙනවා.

views

298 Views

Comments

arrow-up