JUN
04
ලෝක රග්බි නිලධාරීන් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලෝක රග්බි සම්මේලනය සහ ආසියානු රග්බි සම්මේලනය එළැඹෙන ජුලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ලෝක රග්බි සම්මේලනයට යවන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් මේ බව දන්වා තිබේ.
එම ලිපියට අනුව රටේ රග්බි පරිපාලනයේ ගැටළු සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවත්, ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා යෝජනාවක අවශ්‍යතාව ගැනද කතා බහ කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් විය.
186 Views
Comments