පාකිස්තානයට එන්න එංගලන්තයත් බෑ කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

පාකිස්තානයට එන්න එංගලන්තයත් බෑ කියයි

පාකිස්තානයට එන්න එංගලන්තයත් බෑ කියයි

එංගලන්තය හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20 යි 20 තරඟාවලිය අතහැර දැමීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

 

20-20 තරඟ දෙකක් ඔක්තෝබර් 13 සහ 14 දෙදින තුළ පැවැත්වීමට සැලසුම්කර තිබුණි.

 

එම තරඟාවලිය පාකිස්තානයේ රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ බව වාර්තා විය.

 

එමෙන්ම එංගලන්ත කාන්තා කණ්ඩායම සහ පාකිස්තානය කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට පන්දුවාර 20 යි 20 තරඟ දෙකක් පැවැත්වීමට සැලසුම්කර තිබුණත් එම සියලු‍ම තරඟ අතහැර දැමීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

views

589 Views

Comments

arrow-up