ලසිත් මාලිංගගේ ක්‍රිකට් වාර්තාවක් බිඳ වැටෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

ලසිත් මාලිංගගේ ක්‍රිකට් වාර්තාවක් බිඳ වැටෙයි

ලසිත් මාලිංගගේ ක්‍රිකට් වාර්තාවක් බිඳ වැටෙයි

20 -20  ක්‍රිකට් තරඟවලදී වැඩිම අවස්ථාවන් සංඛ්‍යාවකදී කඩුළු 5ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් බිඳ හෙළමින් ලසිත් මාලිංග පිහිටවා තිබූ වාර්තාව බිඳ වැටී තිබේ.

 

විශේෂත්වය වන්නේ ලසිත් මාලිංග ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ බිමෙන් ඉවත් වන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගතවු අවස්ථාවේදී එම වාර්තාව බිඳ වැටීමයි.

 

ලසිත් මාලිංග මෙම වාර්තාවතබා තිබුණේ පන්දුවාර විස්ස තරගවල ඉනිම් 289 කදී කඩුලු‍ 5 ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් අවස්ථා 5 කදී බිද හෙළමිනි. 

 

මේ වනවිට එම වාර්තාව බිද හෙළනු ලැබ තිබෙන්නේ වර්තමානයේ නැම්බියාව නියෝජනය කරන ඩේවිඩ් වීස් නම් වූ වේග පන්දු යන්නා විසින් වන අතර ඔහු ඉනිම් 225 කදී කඩුලු‍ 5 ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් අවස්ථා 6 කදී බිද හෙළා තිබේ.

views

1235 Views

Comments

arrow-up