ක්‍රිකට් නිලවරණය පැරණි රෙගුලාසිවලටම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

ක්‍රිකට් නිලවරණය පැරණි රෙගුලාසිවලටම

ක්‍රිකට් නිලවරණය පැරණි රෙගුලාසිවලටම

මෙවර ක්‍රිකට් නිලවරණය, 2022 දෙසැම්බර් 14 වැනි දිනට පෙර පනවා තිබූ පැරණි රෙගුලාසිවලට අනුව පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟවී තිබේ.

 

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩාව සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 14 වැනි දින පැනවූ නව රෙගුලාසිවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කල අතර ඊට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (15) විභාගයට ගත් අවස්ථාවේදී මෙම තීරණයට එළැඹ ඇත.

 

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩාව සම්බන්ධයෙන් පැනවු නව රෙගුලාසි ලබන අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති අතර පැරණි රෙගුලාසිවලට අනුව ඉදිරි ක්‍රිකට් නිලවරණය පැවැත්වීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට එරෙහිව පැවරූ අනෙකුත් නඩු ඉවත් කර ගැනීමටත් දෙපාර්ශවය එකඟ වී තිබේ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මේ මස 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

views

232 Views

Comments

arrow-up