අයර්ලන්තයේ ඉනිමට එරෙහිව ලංකා පිලෙන් විශිෂ්ඨ පිළිතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

අයර්ලන්තයේ ඉනිමට එරෙහිව ලංකා පිලෙන් විශිෂ්ඨ පිළිතුරක්

අයර්ලන්තයේ ඉනිමට එරෙහිව ලංකා පිලෙන් විශිෂ්ඨ පිළිතුරක්

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වර්ෂාව නිසා අද නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 357 ක් රැස්කරගෙන සිටී.

 

නිෂාන් මධුෂ්ක නොදැවී ලකුණු 149 ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 83 ක් ලබා ක්‍රීඩා කරන අතර, නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 115 ක් ලබා ගැනීමට සමත් විය.

 

හෙට සහ අනිද්දා තරගය පෙරවරු 9.45 ට ආරම්භ කර පස්වරු 5.15 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව දිනකට පන්දු වාර 98 ක් යැවිය යුතු බව ද වාර්තා වේ.
 

views

244 Views

Comments

arrow-up