සුලෝහිත සංග්‍රාමය මාර්තු මස 04 සහ 05

ලබන මස 4 සහ 5 දෙදින එස් එස් සී පිටියේදී 93 වැනි වරට පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය කොළඹ පැවැත්වේ.
දෙවිදුහල් සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙන්නේ, කොරෝනා වසංගතය හේතුවෙන් වසර 2 ක් විවිධ සීමා මැද පැවති තරගයට මෙවර සීමා පැනවීම් නොමැති හෙයින් ප්‍රේක්ෂක සහභාගිත්වය ද සමඟ ඉතා ඉහළින් පැවැත්වීමට යි.
ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා පළිහ තමන් සතු කර ගැනීමට වසර 69 කට පසුව සුලෝහිත සංග්‍රාමය ජය ගනිමින් නාලන්දා විදුහල අවසන් වරට පැවති තරගයේදී සමත් විය. කෙසේ වෙතත් මේ තරගයේ වැඩි ගෞරව අත් කර ගැනීමට ආනන්ද විදුහල සමත්ව සිටී. ඔවුන් අවස්ථා 12 කදී මහා ක්‍රිකට් තරගය ජයගෙන ඇති අතර, නාලන්දාය ජය ගෙන ඇත්තේ තරග 7 ක් පමණි.
මේ තරගයට සමගාමීව ලබන මස 12 වැනිදා දෙවිදුහල් අතර පී. ද. එස්. කුලරතන අභියෝගතා කුසලානය සඳහා වන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය එස් එස් සී ක්‍රිකට් පිටියේදීම පැවැත්වීමට නියමිතය. ඩයලොග් ආසියාටා සමාගම මෙවර තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
189 Views
Comments