JUN
10
අන්තර් පාසල් රග්බි ලීගය ඇරඹෙයි

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ලබන 14 වනදා ආරම්භ වීමට නියමිත අතර එහි කුසලානය එළි දැක්වීම හා කණ්ඩායම් හඳුන්වාදීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉකුත්දා සිදුකෙරුණි.
කොවිඩ් වසංගතයෙන් පසු පූර්ණ තරගාවලියක් මෙලෙස ආරම්භ වන්නේ පළමු වරටය.
තරගාවලිය කාණ්ඩ 3ක් යටතේ පැවැත්වෙන අතර තරගාවලියේ පළමු තරගය මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර ලබන 14 වනදා මහනුවර බෝගම්බර පිටියේ දී පැවැත්වෙයි.
216 Views
Comments