චාමික කරුණාරත්නට දඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

චාමික කරුණාරත්නට දඩයක්

චාමික කරුණාරත්නට දඩයක්

 

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (10) පැවැති තරගයේදී ක්‍රිකට් නීති කඩ කිරීමේ චෝදනාවට වරදකරු වූ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට තරග මුදලින් සියයට 40 ක දඩයක් පැනවීමට සහ දඩුවම් ලකුණු 2 ක් එකතු කිරීමට තරග තරග තීරකවරයා නිර්දේශ කර තිබේ.

 

චාමික විනය කඩකිරීමේ චෝදනාවකට වරදකරු වීමෙන් මේ වන විටත් වසරක අත්හිටුවූ තහනමක් ද ගතකරමින් සිටියි.

 

‘කැන්ඩි ෆැල්කන්ස්’ පිල නියෝජනය කරන චාමික, ජැෆ්නා කිංග්ස් පිලට එරහෙිව තරගයේදී හතරේ සීමා අසළ පන්දු රකිමින් සිටියදී ඒ අසළ පැමිණි ප්‍රේක්‍ෂකයන් සමඟ ‘සෙල්ෆි’ ඡායාරූපයක් ගත්තේ යැයි කියන සිද්ධියක් මෙම දඩුවමට හේතු වී තිබේ.

 

මෙහිදී කැන්ඩි පිලේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් චාමික පන්දු 16 කින් නොදැවී ලකුණු 26 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබීය.
 

views

182 Views

Comments

arrow-up