එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි 16 දෙනාගේ තරඟ වටයෙන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්තය සමත්විය.
ඒ ඊයේ (04) සෙනගල් කණ්ඩායම සමඟ පැවති තරඟය ගෝල 3ට 0ක් ලෙස ජය ගැනීමත් සමඟයි.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 38 වන මිනිත්තුවේ දී Jordan Henderson පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර තරඟයේ 45+3 වන මිනිත්තුවේ දී Harry Kane විසින් දෙවන ගෝලය ද තරඟයේ 57 වන මිනිත්තුවේ දී Bukayo Saka විසින් තෙවන ගෝලය ද වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව මෙම ජයත් සමඟ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
202 Views
Comments