ටෙස්ට් හා එක්දින තරගාවලියක් සඳහා දකුණු අප්‍රිකා ඒ පිල දිවයිනට

ශ්‍රී ලංකා “ඒ” ක්‍රිකට් කණ්ඩායම සමග එක්දින තරග 3 කින් සහ සිවු දින තරග දෙකකින් යුත් තරගාවලියකට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකානු “ඒ” ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජූනි මස 01 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජූනි මස 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පළමු එක්දින තරගය පැවැත්වීමට නියමිත වන අතර, දෙවැනි සහ තෙවැනි තරග ජුනි 06 සහ 08 යන දෙදින එම ක්‍රීඩාංණයේදීම පැවැත්වේ.
තරග 2 කින් සමන්විත සිවු දින තරගාවලිය ජුනි 12 වැනිදා ආරම්භ වන අතර, දෙවැනි තරගය ජුනි 19 වැනිදා සිට 22 වැනිදා දක්වා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
215 Views
Comments