කූඨ ලේඛන හදපු අයට එරෙහිව ඩයනා සී.අයි.ඩී.යට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

කූඨ ලේඛන හදපු අයට එරෙහිව ඩයනා සී.අයි.ඩී.යට

කූඨ ලේඛන හදපු අයට එරෙහිව ඩයනා සී.අයි.ඩී.යට

තමා සමගි ජනබලවේගයේ උප ලේකම් ධුරයෙන් ඉවත් වූ බවට තම ලිපි ශීර්ෂය සහ අත්සන හොරට යොදා සමගි ජන බලවේගය දිස්ත්‍රික් උසාවියකට  කූට ලේඛනයක් ලබාදී ඇති බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

 

මේ සම්බන්ධයෙන් තමා රහස් පොලිසියට පැමිණිල්ලක් කළ බවත් කූඨ ලේඛන හදා තියෙන්නේ කවුදැයි කියා රටේ ජනතාවට ඔප්පු කර පෙන්වන බවද ඩයනා ගමගේ මහත්මිය එහිදී සඳහන් කළාය.

 

"මම කිසිදිනක මෙවැනි ලේඛනයක් අත්සන් කර දී නැහැ. මගේ නම ඇති ලෙටර් හෙඩ් එකකට කූඨ ලේඛනය හැදුවේ කොහොමද? කවුද මගේ අස්සන ගැහුවෙි. මෙය බරපතල වරදක්. මම අදටත් සමගි සමගි ජනබලවේගයේ උප ලේකම් හැටියට නීත්‍යානුකූලව සිටිනවා. කිසි කෙනෙකුට එය අයින් කරන්න බැහැ"

views

254 Views

Comments

arrow-up