විමල්ට සහ ගම්මන්පිලට එ.ජ.නි.සයෙන් ලැබුණු ආරාධනාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

විමල්ට සහ ගම්මන්පිලට එ.ජ.නි.සයෙන් ලැබුණු ආරාධනාව

විමල්ට සහ ගම්මන්පිලට එ.ජ.නි.සයෙන් ලැබුණු ආරාධනාව

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂවලටද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය ගන්නා ලෙස ආරාධනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමු වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

 

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති එම පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ රැස්වීමකදී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබෙන බවද එම ආරංචි මාර්ග පවසයි.


එක්සත් ජනතා නිදහස් සන්ධානය තවත් පක්ෂ කිහිපයක් එක්කර ගනිමින් පුළුල් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලසුම් කර ඇති අතර, විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණත්, උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමයත් ඊට සම්බන්ධ කරගත යුතු බවට එහිදී යෝජනා වී තිබේ.

views

696 Views

Comments

arrow-up