ජවිපෙ විරෝධය අද – සජබ රැළිය හෙට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

ජවිපෙ විරෝධය අද – සජබ රැළිය හෙට

ජවිපෙ විරෝධය අද – සජබ රැළිය හෙට

ආණ්ඩුවේ අත්තනෝමතික රාජ්‍ය පාලනයට එරෙහිව සමගි ජනබලවේගය සංවිධාන කරන ජනරැළිය හෙට කොළඹදී පැවැත්වෙනවා.

 

දිවයිනේ සෑම පළාතකම වෙසෙන ජනතාවගේ සහභාගීත්වයෙන් හෙට පස්වරු 02 ට එය ආරම්භ වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ.

 

රජයේ පාලන ක්‍රමය හමුවේ ජනතාව පීඩා විදින ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වී දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා.

 

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කෙරන තවත් විරෝධතා ව්‍යාපාරයක් අද අම්බලන්තොටදී පැවැත්වීමට නියමිතව ඇත.

views

565 Views

Comments

arrow-up