ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වන යෝජනාව ඒකමතිකව සම්මතයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් විසින් වත්මන් ආණ්ඩුවෙන් ඉවත් යුතු බව ඒකමතිකව තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන තිබෙන්නේ එම පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේ පැවති ආසන සංවිධායකවරුන් සහ කළමනාකරුගේ විශේෂ රැස්වීමේදීය.
වර්තමාන දේශපාලනයේදී අර්බුදයේ දී ගත යුතු පියවර කුමක්දැයි පක්ෂ නායකයා කළ විමසීමට එම රැස්වීමට පැමිණ සිටි පන්සියයක් පමණ වන ආසන සංවිධායකයන් සහ කළමනාකරුවන් සියලු දෙනා පවසා තිබෙන්නේ වහා ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි.
කෙසේ වුවත් මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී පවසා ඇත්තේ මෙය ආණ්ඩුවෙන් ඉවත් වීම උචිත අවස්ථාවක් නොවන බවත් අවශ්‍ය වේලාවේදී ඉවත් වෙන බවත්ය.
මේ අතර ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් කැඳවා ඇත.
එම සාකච්ඡාව හෙට(08) පස්වරු 4ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.
630 Views
Comments