මැදපෙරදිග රටවල් තුනක් මට තෙල් දෙන්න පොරොන්දු වුනා..- සජිත්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

මැදපෙරදිග රටවල් තුනක් මට තෙල් දෙන්න පොරොන්දු වුනා..- සජිත්

මැදපෙරදිග රටවල් තුනක් මට තෙල් දෙන්න පොරොන්දු වුනා..- සජිත්

සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන්ට මේ වැටී ඇති රට ගොඩනැගීමට හැකි බවත් එය ඉටු කිරීමේ හැකියාව තමන් සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

වසර දෙකකට සහනදායි ක්‍රමය යටතේ තෙල් ලබා ගැනීම වෙනුවෙන් මැදපෙරදිග රටවල් තුනක් සමග තමන් සාකච්ඡා කළ බවත්, එම රටවල් තුනම ඊට එකඟව ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා, එහෙත් වර්තමාන පාලනය යටතේ එවන් සහයක් ලබාදීමට එම රටවල් අකමැති බව ද පැවසීය.

 

රට වැටී තිබෙන බරපතළ අර්බුදයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ යුතු බව කී ඒ මහතා, වංචාව දූෂණය මර්දනයෙන් තොරව ඒ වෙනුවෙන් කැපවිය යුතු බවද පැවසීය.

 

Project Leopard වැඩසටහන යටතේ “ලෝක වනජීවී දිනය” නිමිත්තෙන් යාල සුභ සාධක හා අන්‍යෝධාර සමිතියට ජල පෙරණ යන්ත්‍ර 10ක් සහ රූපවාහිනී යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ සත්කාරමය මෙහෙවරට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (03) මේ බව පැවසීය.

views

638 Views

Comments

arrow-up