පක්ෂ 11ම තාමත් ආණ්ඩුවේ – වාසු

විමල් වීරවංශ මහතාව සහ උදය ගම්මන්පිල මහතාව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් කැබිනට් රැස්වීම්වලට සහභාගී වීමෙන් වළකින නමුත් අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ඒ, ඊයේ (06) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
අමාත්‍ය ධුරය අත්හැරීම තම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනුමත නොකළ බවයි ඒ මහතා සඳහන් කළේ.
එසේම, හෙට (08) දිනයේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී තමන් අසුන් ගන්නේ ආණ්ඩු පක්ෂයේ බව පැවසූ ඒ මහතා ආණ්ඩුවේ කුඩා පක්ෂ 11 ම එසේ ආණ්ඩු පක්ෂයෙහි අසුන් ගන්නා බවත් ප්‍රකාශ කර සිටිනවා.
577 Views
Comments