ඉන්ධන හිඟය නැති කර පෙන්නන්න - හිටපු ඇමති විමල්

ඉන්ධන හිඟයක් ඇති වුණේ ඉන්ධන දින දෙක තුනකින් නැති වන්නේ යැයි හිටපු බලශක්ති අමාත්‍යවරයා කළ ප්‍රකාශ නිසා යැයි ආණ්ඩුවේ ඇතමුන් කරන ප්‍රකාශ පිළිබඳව කණගාටු වන බවත් එය එසේ නම් ඉදිරියේදී ඉන්ධන හිඟය සියයට 100 ක් නැති කර පෙන්න ලෙස අභියෝග කරන බවත් හිටපු කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
ඉන්ධන සහ ගෑස් හිඟයට හේතු වූයේ ඒවා ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමට රට සතුව ඩොලර් නොමැති වීම බව කී විමල් වීරවංශ මහතා .ආර්ථික අර්බුදය, විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදය ඒත් සමඟම ඇති වන අර්බුද ගැන ප්‍රකාශ කළ තමන් ඉවත් කර කරලා ඒ හරහා විනිමය උපදවාගැනීමේ හැකියාව ලැබෙන්නේ නම් ප්‍රශ්නයක් නොමැති බව ද සඳහන් කළේය.
562 Views
Comments